එටීඑම් භාවිතා කරද්දී සැළකිලිමත් වන්නැයි ඉල්ලයි


ඒටීඑම් යන්ත්‍ර භාවිතා කරමින් සිදුකරන ගනුදෙනු වලදී සුපරික්ෂාකාරී වන්නැයි ඉල්ලා සිටින බව මුල්‍ය අංශයේ පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර කණ්ඩායම  මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෑත කාලයේ දී බැංකු ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවීම පිළිබඳව ලැබුණු පැමිණිලි කිහිපයක් හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරිණි.

පසුගිය මාස දෙක ඇතුළත දිවයිනේ විවිධ ප්‍රදේශවල ඒටීඑම් කාඩ්පත් හරහා සිදුකරන මුදල් වංචා  කිහිපයක් වාර්තා විය.

සීසීටිවී කැමරා පද්ධතිවලට හසුනොවන ඒටීඑම් යන්ත්‍ර ආශ්‍රිතව සැරිසන පුද්ගලයන්  සම්බන්ධයෙන් ද මේ දිනවල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.

හඳුනාගත නොහැකි අනවසර ගනුදෙනුවක් හෝ ඒටීඑම් කාඩ්පත් අස්ථානගත වීමක් සිදුවී ඇත්නම් වහාම ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුව දැනුවත් කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ස්වයංක්‍රීය ට්‍රෙලර් කාඩ්පත් භාවිතා කරන්නන් හට ජංගම බැංකුකරණය යොදා ගන්නැයි ඉල්ලා සිටින බව තොරතුරු ආරක්ෂණ කළමනාකරු  ලොෂාන් වික්‍රමසේකර මහතා ඉල්ලා සිටියි.

එමගින් ඔබේ ගිණුමෙන් මුදල් ආපසු ගැනීමේ දී හා තැන්පත් කිරිමේ දී කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත.

(28535)